තරු පුවත් ගැන

තාරකා විද්‍යාවේ නවතම තොරතුරු සිංහල මාධ්‍යයෙන් ඔබ වෙත ගෙන ඒම සදහා තරු පුවත් අඩවිය ආරම්භ වන්නේ 2015 වර්ශයේය. එවකට නෙදර්ලන්තයේ ලීඩ්න් විශ්ව විද්ය්‍යාලයට අනුබද්ධිත Universe Awareness (UNAWE) Space Scoop වැඩසටහන වෙනුවෙන් සිංහල භාශාවට පරිවර්තිත තාරකා විද්‍යා ලිපි පල කිරීම වෙනුවෙන් මෙම බ්ලොග් අඩවිය නිර්මානය කරනු ලැබින. වර්තමානය වන විට ජාත්‍යන්තර අභ්‍යවකාශ පර්යේශන වල සිට දේශීය තාරකා විද්‍යා වැඩසටහන් දක්වා පුලුල් පරාසයක පුවත් වාර්තාකරනය සදහා තරු පුවත් කන්ඩායම ඇප කැපවී සිටී. මීට අමතරව සාම්ප්‍රදායික පුවත් වාර්තාකරනයෙන් ඔබ්බට ගොස්, තාරකා විද්‍යාව පිලිබඳව උනන්දුවක් දක්වන පාසල් හා විශ්ව විද්‍යාල සිසුන්, ගුරුවරුන් සහ තාරකා විද්‍යා ලෝලීන් වෙනුවෙන් සංවිධානය වන දේශිය සහ ජාත්‍යන්තර පුහුණු වැඩමුලු, ශිෂ්‍යත්ව වැඩසටහන්, දේශන සහ පර්යේශන අවස්ථාවන් පිලිබඳ දැනුවත් කිරීමටද තරු පුවත් විශේෂ අවධානයක් යොමු කර ඇත.

තාරකා විද්‍යාවේ ප්‍රගමනය සදහා සැපයු දායකත්වය වෙනුවෙන් 2016 වසරේ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සගමයේ 72 වන සැසිවාරයේදී ජීවිත කාලය තුලදී වරක් පමනක් පිරිනැමෙන විද්‍යාප්‍රවර්ධනය සදහා වන ජාතික සම්මානය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාදිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් තරු පුවත් අඩවිය හිමි කර ගන්නා ලදී.


තරු පුවත් ලියන අපි

ඉශාරා මානවසිoහ FASE

ආචාර්ය ඉශාරා මානවසිංහ, ශාක අනුක ව්‍යාධිවේදය හා දිලිරවේදය පිලිබද විශේෂඥවරියකි. මහනුවර විහාරමහාදේවී බාලිකා විද්‍යාලයෙන් හා මහමායා බාලිකා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා ඇති ඇය මූලික උපාධිය රජරට විශ්ව විද්‍යාලයෙන්ද, ආචාර්ය උපාධිය මේෆාලුවාංග් විශ්ව විද්‍යාලයෙන්ද හදාරා ඇත.

පාසල් සමයේ සිටම තාරකා විද්‍යාවට ඇල්මක් දැක්වූ ඇය විහාරමහාදේවී විද්‍යාලීය තාරකා විද්‍යා සංගමය, මහමායා විද්‍යාලීය තාරකා විද්‍යා සංගමය, තාරකා විද්‍යා අධ්‍යන හා ගවේශන සංගමය (FASE) ආදී තාරකා විද්‍යා සමාජ රැසක සාමාජිකත්වය සහ ජේශ්ඨ තනතුරු හොබවා ඇත. එමෙන්ම දකුණු ආසියාවේ ප්‍රථම විද්‍යා කෙටි පනිවුඩ සේවාව වන ජාතික මූලික අධ්‍යන ආයතනයේ (NIFS) , විදු නැන හවුල ව්‍යාපෘතියේ තාරකා විද්‍යාව පිලිබද සම්පත් දායිකාවක් ලෙස ඇය කටයුතු කර ඇත.පර්යේශන ලිපි පනහකට වඩා පල කර ඇති ඇය වර්තමානයේ බෙයිජිං කෘශි සහ වනජීවී ඇකඩමියේ සහ ෂොංකායි කෘශි සහ ඉoජිනේරු විශ්ව විද්‍යාලයේ පර්යේශන විද්‍යාඥවරියක් ලෙස සේවය කරයි.

අමල් විශ්වනාත් තිලකරත්න FASE

අමල් විශ්වනාත් තිලකරත්න,වෘත්තියෙන් තොරතුරු තාක්ශනය සහ පරිඝනක වැඩසටහන්කරනය පිලිබද ප්‍රධාන උපදේශකයෙක් ලෙස වර්තමානයේ යුරෝපයේ සේවය කරනු ලබයි. මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හැදෑරූ ඔහු උසස් අධ්‍යාපනය හදාරා ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයෙනි .

ඔහු ධර්මරාජ විද්‍යාලීය තාරකා විද්‍යා සංගමය, රොකට් සහ අභ්‍යවකාශ විද්‍යා සංගමය, වැනි තාරකා විද්‍යා සංගම් වල සාමාජිකත්වය හා තනතුරු මෙන්ම තාරකා විද්‍යා අධ්‍යන හා ගවේශන සoගමයේ (FASE) සභාපති තනතුරද හොබවා ඇත.

මීට අමතරව ඔහු දක්ශ තාරකා සහ අභ්‍යවකාශ ඡායාරූපශිල්පියකුද වේ.

වරුණ බණ්ඩාර FASE

වරුණ බණ්ඩාර මහනුවර කිoස්වූඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ජාවා උසස් තාක්ශන ආයතනයේ උසස් අධ්‍යාපනය හදාරා ඇති ඔහු වර්තමානයේ ජෙශ්ඨ පරිගණක වැඩසටහන්කරුවකු ලෙස නැගෙනහිර යුරෝපයේ සේවය කරනු ලබයි.

දක්ශ තාරකා සහ අභ්‍යවකාශ ඡායාරූප ශිල්පියකු වන ඔහු පාසල් කාලයේ කිoස්වුඩ් විද්‍යාලීය තාරකා විද්‍යා සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙකි. 2006 වසරේ ඔහු එම සංගමයේ සoස්කාරක ධූරයේද කටයුතු කරන ලදී. පසුකාලීනව ඔහු තාරකා විද්‍යා අධ්‍යන සහ ගවේශන සංගමයේ (FASE) සාමාජිකයකු වූ ඔහු එම සංගමයේ භාණ්ඩාගාරික තනතුරේ සහ කමිටු සාමාජිකයකු ලෙස කටයුතු කර ඇත. වසර පහලවකට අධික කාලයක් තිස්සේ දිවයින පුරා තාරකා විද්‍යා දේශන, වැඩමුලු, අහස නිරීක්ශන කදවුරු, ගනනාවකට ඔහු සම්පත් දායකයකු ලෙස සහභාගී වී ඇත.

ආචාර්ය ජනිත් වීරසිoහ ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ ගගන-අභ්‍යවකාශ ඉන්ජිනේරු විද්‍යාව පිලිබඳ කථිකාචාර්යවරයකු හා පර්යේශකයෙකි. ක්ශුද්‍ර චන්ද්‍රිකා සඳහා වන ප්ලාස්මා ප්‍රචාලන එන්ජින් වැඩිදියුනු කිරීම සහ අභ්‍යවකාශ යානා සඳහා අවශ්‍ය අධිතාක්ශනික අමුද්‍රව්‍ය නිපදවීම පිලිබඳ ඔහු තම පර්යේශන කටයුතු සිදු කරනු ලබයි. ඔහු ප්ලාස්මා භොතික විද්‍යාව පිලිබඳ ආචාර්ය උපාධිය ක්වීන්ස්ලන්ත තාක්ශන විශ්ව විද්‍යාලයෙන්ද, භොතික විද්‍යාව පිලිබඳ පශ්චාත් උපාධිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන්ද, මූලික් උපාධිය රුහුණු විශ්ව විද්‍යාලයෙන්ද හදාරා ඇත. ඔහු පාසල් අධ්‍යාපනය හදාරා ඇත්තේ මහනුවර කිංස්වුඩ් විදුහලෙනි.

ඔහු පාසල් අවධියේ කිoස්වුඩ් තාරකා විද්‍යා සංගමයේ සාමාජිකයකු ලෙස හා එහි ලේකම් ධූරයේ කටයුතු කරන ලදී. පසුව නෙදර්ලන්තයේ ලීඩ්න් විශ්ව විද්‍යාලයේ ස්පේස් ස්කූප් තාරකා විද්යා වැඩසටහනේ, යුනෙස්කෝ 2015 ආලෝකය පිලිබද අන්තර්ජාතික වසර ව්‍යාපෘතිය, මෙන්ම ජාතික මූලික අධ්‍යන ආයතනයේ (NIFS), විදු නැන හවුල ව්‍යාපෘතියේ තාරකා විද්‍යාව පිලිබද සම්පත් දායකයකු ලෙස, ඔහු කටයුතු කර ඇත.

මහසෙන් රන්දිවෙල මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ සිය මූලික අධ්‍යාපනය හදාරා ඇත. පාසල් සමයේ සිටම තාරකා විද්‍යාව කෙරෙහි විශේශ ඇල්මකින් යුක්තව කිංස්වුඩ් විද්‍යාලීය තාරකා විද්‍යා සංගමයේ සක්‍රිය සාමාජිකයකු ලෙස කටයුතු කල වූ ඔහු, 2003 වසරේ කිංස්වුඩ් විද්‍යාලීය තාරකා විද්‍යා සංගමයේ සභාපති ධූරයද හොබවන ලදි.

තම මූලික උපාධිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හදාරා ඇති ඔහු භූගෝල විද්‍යාව පිලිබඳව පස්චාත් උපාධි ඩිප්ලෝමාවක් සහ විද්‍යාපති උපාධියක්ද හිමිකරගෙන සිටී. ඔහු වර්තමානය වනවිට භූගෝල විද්‍යාව පිලිබඳ සිය දර්ශනපති උපාධි අධ්‍යන පර්යේශන කටයුතු වල නිරත වෙයි. තාරකා විද්යා නිරීක්ශන සහ අභ්‍යවකාශ ඡායාරූපකරනය පිලිබඳව ඔහු විශේෂ උනන්දුවක් දක්වන ඔහු දක්ශ අභ්‍යවකාශ ඡායාරූප ශිල්පියෙකු වේ. එමෙන්ම ඔහු මහනුවර CIAS (Central Initiative for Astronomical Studies) තාරකා විද්‍යා සංගමයේ උපදේශකයකු ලෙසද කටයුතු කරයි.


අප හා සම්බන්දවන්න

ඔබගේ පාසලේ, අධ්‍යාපන ආයතනයේ, විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාව හා සම්බන්ද පුවත් සහ වැඩසටහන් පිලිබඳව නොමිලේ පලකරවා ගැනීමට, අපගේ වෙබ් අඩවිය පිලිබඳව අදහස් හා යෝජනා ආදිය ඉදිරිපත් කිරීමට, ඔබගේ ගැටලු යොමු කිරීමට, හෝ අප සමග සම්බන්ද වීමට පහත පෝරමය භාවිතා කරන්න. අපගේ ෆේස්බුක් පිටුව හරහාද info@tharupuwath.lk විදුලි ලිපිනය මගින්ද ඔබට අපවෙත පණිවුඩ එවීමේ හැකියාව සක්‍රිය කර ඇත.