ජපාන H3 රොකට්ටුවේ දියත්කිරීම අසාර්ථක වේ

ජපාන අභ්‍යවකාශ ඒජන්සිය හෙවත් JAXA ආයතනයෙන් පසුගිය මාර්තු 6 වෙනි දින අභ්‍යවකාශගත කරන ලද H3 රොකට්ටුව ගුවන්ගතවී මිනිත්තු 5 හා තත්පර 27 පසු අසාර්ථකවී තිබෙනවා. මීට හේතුව වී ඇත්තේ රොකට්ටුවේ දෙවන අදියර නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවීමයි.

“බ්‍රයන් මේ” නයිට් පදවියකින් පිදුම් ලබයි

නාසා ආයතනයේ භොතික විද්‍යාඥ ආචාර්ය බ්‍රයන් මේ නයිට් තනතුරකින් පිදුම් ලබා තිබෙනවා. ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ සුප්‍රකට ක්වීන් සංගීත කණ්ඩායමේ ගිටාර් වාදන ශිල්පියා ලෙසයි. පර්යේශන විද්‍යාඥයෙක් ලෙස නාසා ආයතනයේ මෙහෙයුම් රැසකට ඔහු දායකත්වය ලබා දී තිබෙනවා.

Universal Night 22

ධර්මරාජ විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමය විසින් සංවිධානය කරනු ලැබූ Universal Night 22 තාරකා විද්‍යා රාත්‍රිය පසුගිය දෙසැම්බර් මස 26 වන දින පස්වරු 06.00 සිට පසු දා පෙරවරුව දක්වා අති සාර්ථක ලෙස උත්සවශ්‍රීයෙන් පැවැත්වුණා. ප්‍

Region of Exotica’22 සඳහා අයදුම්පත් කැඳවේ

මහනුවර කිංස්වුඩ් විද්‍යාලීය තාරකා විද්‍යා සංගමය මගින් සංවිධානය කරනු ලබන Region of Exotica’22 තාරකා විද්‍යා තරඟාවලිය සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා. මෙම තරඟාවලිය පිලිබඳ වැඩිදුර තොරතුරු, ලියාපදිංචි වීම, සහ තරඟ කොන්දේසි මෙම සබැඳිය ඔස්සේ ලබා ගත හැකියි. මීට අමතරව පහත වට්ස් ඇප් අංක වලින් මෙහි සංවිධායක මණ්ඩලය සමග සම්බන්ද විය හැකියි. යසන්ජිත් බණ්ඩාර – 0771160731ගංගාසර ජයවික්‍රම…

පාර්ක්ස් රේඩියෝ දුරේක්ශය

දක්ශින අර්ධගෝලයේ පිහිටා ඇති විශාලතම රේඩියෝ දුරේක්ශය වන්නේ පාර්ක්ස් රේඩියෝ දුරේක්ශයයි. එය ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පිහිටා ඇත්තේ එහි අගනුවර වන සිඩ්නි නුවර සිට කිලෝමීටර 380 පමන දුරකිනි. මෙහි විශ්කම්භය මීටර 64කි. වර්තමානය වන විට සොයාගෙන ඇති පල්සර වලින් අඩකටත් වඩා සොයාගෙන ඇත්තේ මෙම දුරේක්ශයේ නිරීක්ශන වලින් වන අතර එමගින් සොයාගෙන ඇති නව මන්දාකිනි…

CIAS ආකාශ වස්තු ඡායාරූපකරනය පිලිබඳ වැඩමුලුව

නිරීක්ශන තාරකා විද්‍යාව සහ ආකාශ වස්තු ඡායාරූපකරනය පිලිබඳ කඳවුරක් සහ පුහුනු වැඩමුලුවක් Central Initiative for Astronomical Studies (CIAS) තාරකා විද්‍යා සංගමය මගින් සංවිධානය කර තිබෙනවා. එහි ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ තරු පුවත් සංස්කාරකවරයෙකු ලෙස කටයුතු කරන මහසෙන් රන්දිවෙල මහතා විසිනුයි. සැප්තැම්බර් 17 වන දින සවස හතරේ සිට මෙම වැඩමුලුව පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට…

අලුත් ග්‍රහලොවකට නමක් තැබීමට ඔබත් කැමතිද?

තාරකා විද්‍යාඥයන් විසින් අලුතින්ම සොයා ගන්නා ලද බාහිර ග්‍රහයන් විසි දෙනෙකු හා ඒවා පරිභ්‍රමනය වන තාරකාවන් සඳහා සුදුසු නම් යෝජනා කරන මෙන් ලොව පුරා සිටින තාරකා විද්‍යාලෝලීන්, ගුරුභවතුන්, ශිෂ්‍යන්, සහ ආධුනික තාරකා විද්‍යාඥයන් වෙත අන්තර්ජාතික තාරකා විද්‍යා සංගමය මගින් ආරාධනා කර තිබෙනවා. සියලුම නාම යෝජනා විනිශ්චය මණ්ඩලයක් වෙත යොමු කරන අතර ඉන් තෝරා ගන්නා නාමයන්…

ATCA ගුවන් විදුලි දුරේක්ශ පද්ධතිය

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි නුවරට කිලෝමීටර 500 පමන දුරකින් Australia Telescope Compact Array (ATCA) ගුවන් විදුලි දුරේක්ශ පද්ධතිය පිහිටුවා ඇත. ටොන් 270ක් බරැති මීටර 22 විශ්කම්භයෙන් යුතු ගුවන්විදුලි දුරේක්ශ හයකින් යුත් මෙය ක්‍රියාත්මක වන්නේ නිරෝධනමිති මූලධර්මය අනුවයි. එම නිසා තනි දුරදක්නයකට වඩා වැඩි විභේදයකින් යුතු ගුවන් විදුලි ඡායාරූප ලබා ගැනීමට මෙම පද්ධතියට හැකියාව…

තාරකා විද්‍යා ඔලිම්පියාඩ් තරඟය සඳහා අයදුම්පත් කැඳවේ.

ශ්‍රී ලංකා භොතික විද්‍යා ආයතනය මගින් කොළඹ විශ්වවිද්‍යාලයේ භොතික විද්‍යා අංශය සහ ශ්‍රී ලංකා තාරකා විද්‍යා ඔලිම්පියාඩ් සංගමයේ සහයෝගය සහිතව පවත්වනු ලබන 14 වන ශ්‍රී ලංකා තාරකා විද්‍යා සහ තාරකා භොතික විද්‍යා ඔලිම්පියාඩ් තරඟය (10, 11, 12, 13 ශ්‍රේණි) සහ 10 වන ශ්‍රී ලංකා කනිෂ්ඨ තාරකා ඔලිම්පියාඩ් තරඟය (6, 7, 8, 9 ශ්‍රේණි) 2022 සැප්තැම්පබර්…

අද කඩාවැටෙන චීන රොකට්ටුව

චීන අභ්‍යවකාශ මධ්‍යස්තානය වෙත නව මොඩියුලයක් ප්‍රවාහනය කල ලෝන්ග් මාර්ච් 5B රොකට්ටුවේ ටොන් 25 පමන බරැති හරය අද දින (ජුලි 30) යලි පෘථිවියට කඩා වැටීමට නියමිතයි. මෙහි ගමන් මාර්ගය උතුරු හෝ දකුණු අක්ශාංෂ 41 ඔස්සේ විහිදී තිබීම නිසා ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් සිදු නොවුනද ටොන් 5.5-9 ආසන්න සුන්බුන් වායුගෝලය තුල නොදැවී යලි පෘථිවිය වෙත ලඟා…