ALMA දුටු අපුරු මුදුව WEBB ඇසින්

2020 දී චිලී හි ALMA නිරීක්ෂනාගාරය විසින් සොයාගෙන නිරීක්ශණය කල SPT0418-47 නම් මෙම අපුරු මුදුව ඇත්තෙන්ම අප වෙසෙන ක්ෂිරපතය මෙන්ම වූ ගැලක්සියකි. විද්‍යාඥයින් මේ වනවිට නිරීක්ෂණය කරන්නේ විශ්වයේ වයස වසර බිලියන 1.4ක් පමණ කාලය වනවිට එහි තිබුණු ආලෝකයයි. මෙය පිහිටා ඇති දුරක් තවම ගණනය කර නොමැත. පෘතුවිය හා එම ගැලක්සිය අතර දෘශ්‍යමාන නොවන තවත් ගැලක්සියක්…

ගැටෙන ගැලක්සි මැද අනපේක්ෂිත සොයාගැනීමක්

ඇටකාමා හි ඇල්මා( Atacama Large Millimeter/submillimeter Array – ALMA) දුරේක්ෂය සහ ජාතික රේඩියෝ තාරකාවිද්‍යා නිරීක්ෂණාගාරය (National Radio Astronomy Observatory – NRAO) භාවිතයෙන් ඇමරිකානු ජාතික විද්‍යා පදනම සමඟ එකතුව පර්යේෂණ සිදුකරන පර්යේෂකයින් පිරිසක් විසින් තවත් අපූරු සොයාගැනීමක් සිදුකර තිබෙනවා. ඒ පෘතුවියට ආලෝක වර්ෂ මිලියන 500 ක පමණ දුරකින් කටක රාශිය (constellation Cancer) තුල එකිනෙක ගැටෙමින් පවතින…

සැඟවුණු වාමන ගැලැක්සිය

හබල් දුරේක්ෂයේ ජයාරූප වලට ඉතා අනපේක්ෂිත ලෙස හසුවුණු HIPASS J1131–31 ලෙස නම්කර ඇති මෙය ආලෝක වර්ෂ මිලියන 20ක පමණ දුරකින් පිහිටා ඇත්තකි. මෙහි විශාලත්වය ආලෝක වර්ෂ 1,200 ක් පමණ වන බවත් එය ඉතා කුඩා ප්‍රමාණයේ ගැලක්සියක් බවත් පර්යේෂකයින් පවසයි. මෙය මෙතෙක් නිරීක්ෂණය කිරීමට නොහැකිව තිබී ඇත්තේ එහි ඉදිරිපසින් තිබෙන ඉතා වේගයෙන් කරකැවෙන TYC 7215-199-1 නම්…

තාරකා විද්‍යාවට අභියෝගාත්මක පිපුරුමක්!

නාසා හි NGS නිරීක්ෂණාගාරය (Neil Gehrels Swift Observatory) භාවිතයෙන් පර්යේෂණ පැවැත්වූ පර්යේෂකයන් පිරිසක් විසින් 2021 වසරේ දෙසැම්බර් මස 11 වන දින බුටස් රාශිය (constellation Boötes) ආශ්‍රිතව සිදුවූ ඉතා බලවත් පිපුරුමක් පිළිබඳව වාර්තාවක් ඉදිරිපත්කර තිබෙනවා. මෙය සිදුව ඇත්තේ ආලෝක වර්ෂ බිලියනයකට පමණ දුරකින්. එහිදී පෙර වාර්තා නොවූ තරම් ඉතා බලවත් ආලෝක ධාරාවන් නිකුත්ව ඇතිබවට නිරීක්ෂණය කර…

අන්තරීක්ෂ කාලතරණය

මිනිසාට මේ වනවිට නිරීක්ෂණය කිරීමට හැකිවී ඇති පැරණිතම මන්දාකිණි මේ වනවිට වෙබ් දුරේක්ෂය (James Webb Space Telescope – JWST) භාවිතයෙන් නිරීක්ෂණය කෙරෙමින් තිබෙනවා. මෙම මන්දාකිනි මහා පිපුරුමෙන් වසර මිලියන 400කට පමණ පෙර ඇතිවූ ඒවා වියහැකි බවත් ඒවායේ ආලෝකය අප වෙත ළඟාවීමට වසර බිලියන 13.4 පමණ කාලයක් ගතවනබවත් පර් යේෂකයින් පවසනවා. මෙම පර් යේෂණ සඳහා NIRCam…

Lagoon හි ඝන දුමාරය

හබල් දුරේක්ෂයේ ඇති පරීක්ෂණ සඳහා වූ අධි තාක්ෂණික කැමරාව (Advanced Camera for Surveys – ACS) සහ ග්‍රහලෝක සඳහා වූ අධි පරාස කැමරාව (Wide Field Planetary Camera 2 – WFPC2) භාවිතයෙන් ලබාගත් තවත් හරි අපූරු ජායාරූපයක් මේ වන විට නාසා ආයතනය විසින් මුදාහැර තිබෙනවා ඒ NGC6530 ලෙස නම්කර ඇති තාරකා ගොනුවේය (open cluster). එහි ඉතා පැහැදිලිව…

තරැවකට ජීවය දුන් කලු කුහරය.

තාරකා විද්‍යාඥයින් විසින් අසල ඇති වාමන මන්දාකිණියක මධ්‍යයේ තරු “උපත ලබා දෙන” කළු කුහරයක් හබල් දුරේක්ෂය විසින් අනාවරණය කොට ගෙන ඇත.තාරකා සහ දූවිලි වලින් සාදන ලද දැවැන්ත මෙම දුවිලි වලාව නාසා විද්‍යාඥයන්ට පෙනෙන්නේ බිලිදෙකූට ජීවය ලබා දෙන “පෙකණි වැලක් ලෙසින්ය. Henize 2-10 මන්දාකිනියේ ආලෝක වර්ෂ මිලියන 34 ක් පමණ ඈතින් පිහිටි සුපිරි කළු කුහරය එහි…

අවුරුදු 16කින් විසඳාගත් තාරකා ගැටළුව

2014 වසරේ දී NASA ආයතනයේ ගලේක්ස් (GALEX) හෙවත් ගැලැක්සි ක්‍රියාකාරිත්ව නිරීක්ෂකය (Galaxy Evolution Explorer) ලෙස නම්කරන ලද අභ්‍යවකාශ දුරේක්ෂය භාවිතයෙන් පර්යේෂකයින් පිරිසක් විසින් ස්වරුපයෙන් බොහෝ වෙනස් හැඩයක් සහිත වූ ආකාශ වස්තුවක් නිරීක්ෂණය කර තිබුණි. එයින් නිකුත් කල දෘශ්‍ය ආලෝකය බොහෝ අවම මට්ටමක පැවතුනි. මධ්‍යයේ තරකාවක්ද එය වටකරගත් නිල් පැහැති වායු වලාවක්ද ඉන් පිටත එක මත…

ගැලැක්සි පොකුරු දෙකක ගැටුමක්!

චන්ද්‍රා X-Ray දුරේක්ෂය මගින් ලබාගත් අපුරු සිදුවීමක් පිළිබඳව වාර්තාවක් NASA ආයතනයෙන් මේ වනවිට එළිදක්වා තිබෙනවා. ඒ ඇබෙල් 1175 (Abell) නම් වූ ගැලැක්සි පොකුර පිළිබඳවයි. වම්පසට බරව ඇති නිල්පැහැයෙන් විශාල ගැලක්සියේ උණුසුම් වායු වලාවන්ද දකුණු පසට බරව නිල්-සුදු පැහැයෙන් කුඩා ගැලක්සියේ උණුසුම් වායු වලා වන්ද දැකගත හැකිය. මෙහි මැද සුදු පැහැ තිත් දෙකක් ලෙස දැකිය හැකි…

පළමු වරට ජයාරූප ගතකල NOVA උණුසුම් පිපුරුම

හිරුගේ මතුපිට පෘෂ්ටය මෙන් 60ගුණයක් තරම් උණුසුම් අග්නි ජාලාවක් සහිත වූ පිපුරුමක් පිළිබඳව පර්යේෂකයින් පිරිසක් විසින් තොරතුරු අනාවරණය කර තිබෙනවා. 2020 ජුලි මස දී ජර්මනිය මගින් නිපදවූ මේ වනවිට පෘතුවියට කිලෝමීටර මිලියන 1.5 ක් දුරින් අභ්‍යවකාශයේ ස්ථාවර ගුරුත්ව තත්වයක් ස්ථාන ගතකර ඇති ඉ-රොසිටා (eROSITA) x-කිරණ අභ්‍යවකාශ දුරේක්ෂය මගින් පර්යේෂණ සිදුකරමින් සිටි කණ්ඩායමක් සුදුවාමන ග්‍රහයෙකුගේ දීප්තිමත්…